ගෑස් මිල අඩුකලත් වෙළඳ පොළෙහි සිදු වන දේ ගැන විශේෂ හෙළිදරව්වක්..
ලිට්රෝ ගෑස් සමාගම විසින් ඊයේ (03) දින මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගැස් සිලින්ඩර් මිල අඩු කිරිමත් සමඟ හැටන් ප්‍රදේශයේ ලිට්රෝ ගැස් අලෙවි නියෝජිතයන්ට නව මිලට පාරිභෝගිකයන්ට ගෑස් ලබා දීම සදහා ගැස් තොග බෙදා හරින අයුරු දැකගන්නට හැකි වූ බව අප වාර්තාකරුවන් පවසනවා.
සමාගම විසින් අඩු කල ගෘහස්ථ ගෑස් වල මිල අනුව පාරිභෝගිකයන්ට ගෘහස්ථ ගෑස් සිලින්ඩර් නිකුත් කරන බවත්, කිලෝ 12.5 ගැස් සිලින්ඩරයක් රු 3790 ක මිලකට අලෙවි කරන බව හැටන් ප්‍රදේශයේ ලිට්රෝ ගෑස් අලෙවි නියෝජිතයන් පැවසු බවත් වාර්තා කළා.
ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 100කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 3,638ක්.
මේ අතර කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 40කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,462ක්. කිලෝගෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 19 කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 681ක්.
අවසන් වරට පසුගිය මස 4 වනදා ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1005 කින් පහත දැමුණු අතර, ඒ අනුව එම වර්ගයේ ගෑස් සිලින්ඩරයක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 3738 කටයි.
ඊට අමතරව, කිලෝග්‍රෑම් 05 ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1502 කට අලෙවි වන අතර, කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් මේ වනවිට රුපියල් 700 කට අලෙවි වනවා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |