ඊයේ රාත්‍රී හදිසියේම ගෑස් මිලට සිදු වූ දේ මෙන්න..

Sri Lanka Litro Gas Litro Gas Price
By Aruna Feb 07, 2023 01:19 AM GMT
Report

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ් සමාගමද ගෑස් මිල ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12 යි දශම 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 කින් ඉහළ දමන බවයි ලාෆ් සමාගම පැවසුවේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12 යි දශම 5 ලාෆ් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 5,280 ක් දක්වා ඉහළ යනු ඇති.

කිලෝග්‍රෑම් 5 ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80 කින් වැඩි කර ඇති අතර එම වර්ගයේ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2,112 ක්.

කිලෝග්‍රෑම් දෙකේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 32 කින් වැඩි කෙරෙන බවයි ලාෆ් සමාගම පැවසුවේ.

ඒ අනුව එම වර්ගයේ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 845 ක් දක්වා ඉහළ යනු ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now