ගෑස් මිල සම්බන්ධයෙන් සතුටුදායක පුවතක්..ලැබෙන දිනය මෙන්න - ලිට්‍රෝ සභාපති.

Business Mobile Sri Lanka Litro Gas Litro Gas Price
By Aruna Oct 31, 2022 02:43 AM GMT
Report

ලිට්‍රෝ ගෑස් කිසිඳු හිගයකින් තොරව බෙදාහැරීමට කටයුතු කරන බව එම සමාගම පවසනවා.

එහි සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ, ගෑස් බෙදාහැරීමේ කටයුතු කෙරවලපිටියේ පිහිටි සිය අංගනයෙන් දෛනිකව සිදුකරන බවයි.

ගෑස් හිගයක් පිළිබඳ කිසිඳු බියක් ඇතිකර නොගත යුතු බව ද සභාපතිවරයා සඳහන් කළා.

දිවයින පුරා ගෑස් හිගයක් පවතින බවට පුවත්පත් ඇතුළු ඇතැම් මාධ්‍ය ඉකුත් දා වාර්තා කර තිබුණා.

මේ අතර ගෑස් මිල අඩු කිරීමේ තීරණය ස්තිරවශයෙන්ම ලබන බදාදා දින ප්‍රකාශයට පත්කළ හැකි බවද ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා කියා සිටියා.

බොහෝවිට ලබන 05 වනදා ගෑස්මිල අඩු කිරීම සම්බන්ධයෙන් සතුටුදායක මට්ටමක් පවතින බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now