ගෑස් මිල යළි පහල යයි?..ගෑස් පාරිභෝගිකයින්ට සුබ ආරංචියක්.!!
Sri Lanka
Litro Gas
By Aruna
ලබන මාසයේදී දේශීය ගෘහස්ත ගෑස් මිල තවදුරටත් අඩුවිය හැකි බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා.
එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ, ලෝක වෙළෙඳපොළේ මිල උච්ඡාවචනයන්ට අනුව ගෑස් මිල අඩු කර හැකි බවයි.
එමෙන්ම ලිට්රෝ සමාගම ලෝක බැංකුවෙන් ලබාගත් ණය දෙසැම්බර් මාසයේදී ගෙවා අවසන් කිරීමට හැකිවනු ඇති බව ඔහු පැවසීය.
ඔක්තෝබර් මස 05 වන දින කිලෝගෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 271කින් පහත දැමුණි.
ලිට්රෝ කිලෝගෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් මේ වන විට රුපියල් 4,280කට අලෙවි වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |