ගෑස් මිල අඩු කරයි?
ඉන්දියාවේ වෙළෙඳ කටයුතු සඳහා යොදා ගැනෙන ගෑස් සිලින්ඩරවල මිල පහළ දැමීමට එරට ගෑස් සමාගම් තීරණය කර තිබෙනවා.
එරට මාධ්‍ය වාර්තා කළේ, ඒ අනුව වහා ම ක්‍රියාත්මක වන පරිදි ගෑස් සිලින්ඩරයක මිල ඉන්දීය රුපියල් 25.50කින් පහළ දමා ඇති බවය.
ගෝලීය බලශක්ති මිල ඉහළ යාමත් සමග ස්වභාවික ගෑස් මිල ද වාර්තාගත ලෙස 40%කින් ඉහළ ගොස් දිනකට පසු මෙම තීරණය ගෙන තිබීම විශේෂත්වයකි. මෙම නවතම මිල සංශෝධනය අනුව කිලෝග්‍රෑම් 19ක වාණිජ එල්.පී. ගෑස් සිලින්ඩරයක මිල ඉන්දීය රු. 1,885 සිට ඉන්දීය රු. 1,859.50ක් දක්වා පහළ යනු ඇත.
කෙසේ වෙතත්, ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල වෙනස් නොවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
එම මිල සංශෝධනය පැමිණෙන්නේ, අවසන් වරට මිල අඩු කිරීමෙන් හරියට ම මාසයකට පසුව බව එම වාර්තාවල වැඩිදුරට ත් දැක්වේ.
මෙම තත්ත්වය මත මෙරට ගෑස් මිලට කුමක් වේදැයි පාරිභෝගික ජනතාව බලාසිටී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |