අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල අඩු වෙන්නෙ මෙහෙමයි.. නව මිල ලැයිස්තුව මෙන්න.

Litro Gas
By Aruna Sep 05, 2022 06:38 AM GMT
Report

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අඩු කිරීමට ලිට්‍රෝ සමාගම කටයුතු කර තිබෙනවා.

ඒ අනුව අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාල මිල අඩු වීම බලාත්මක වනවා.

ඒ අනුව,

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 113කින් ද, කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක් රුපියල් 45කින් ද, කිලෝග්‍රෑම් 2.3ක මිල රුපියල් 21කින් ද අඩු වන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් දැනුම් දෙනවා.

අදාල මිල අඩු කිරීමෙන් අනතුරුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල,

රුපියල් 4551ක් වශයෙන් ද, කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1827ක් වශයෙන් ද, කිලෝග්‍රෑම් 2.3 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 848ක් වශයෙන් ද, මිල පහළ යනු ලබනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now