ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ දැනුම්දීමක්.. මිල ගැනත් කියයි..

Ceylon Petroleum Corporation Litro Gas Liquefied Petroleum Gas Litro Gas Price Sri Lankan political crisis
By Aruna Jul 20, 2023 06:16 AM GMT
Report

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම විසින් සිය ලාභාංශ ලෙස රුපියල් බිලියන 1.5ක මුදලක් මහා භාණ්ඩාගාරය වෙත ලබාදෙන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා විසින් ප්‍රකාශ කළා.

සිය මව් සමාගම වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා අද (20) දිනයේ එම මුදල මහා භාණ්ඩාගාරය වෙත ලබාදීමට පියවර ගන්නා බවයි සභාපතිවරයා පැවසුවේ.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු මුදිත පීරිස් මහතා,

"කෝටි 150ක මුදලක් අද දවසේ අපේ මව් සමාගම වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා මහා භාණ්ඩාගාරය වෙත ලබාදෙන්න කටයුතු කරනවා.

විශේෂයෙන්ම බිලියන 1.5ක මුදල සිලින්ඩරයක අඩුකරලා අපි ජනතාවට ඒ අවශ්‍යතාවය අඩුකරන අතරම, ආයතනය ශක්තිමත් කරන අතර අපි සාධාරණ සුළු ලාභයක් ලැබුවා.

පහුගිය මාස කිහිපය තුළ ලබපු ඒ සාධාරණ ලාභය අරපිරිමැස්මෙන් එකතු කරලා රජයට මුදල් අවශ්‍යම මොහොතේ අපි නියම අයිතිකාරයා විදියට සලකන්නේ රජයේ භාණ්ඩාගාරය, මුදල් අමාත්‍යාංශය වෙත ඒ මුදල් නිකුත් කරන්න අපි තීරණය කළා.

" ප්‍රශ්නය - ජනතාවට තව සහනයක් ගෑස් පැත්තෙන් ඉදිරියේ දී බලාපොරොත්තු වෙන්න පුළුවන් ද? මිල අඩුවීමක් ? "

අපි සෑහෙන්න මිල අඩුකිරීම් කරලා තියෙනවා. ඉදිරියටත් අපි බලනවා මිල පරාසයන් තුළම මේ මිල ගණන් තියා ගන්න. අපි ඒ වෙනුවෙන් ගොඩක් ක්‍රමවේදයන් පාවිච්චි කරනවා.

විශේෂ අවධානයකින් ඉන්නවා මම සහ මගේ කණ්ඩායම. විශේෂයෙන්ම මිල සුත්‍රයට අනුව ලැබෙන මිල ගණන් අනුව ලෝක වෙළෙඳපොළේ මිල උච්චාවචනය අනුව නිරන්තර අවධානයෙන් පසුවෙනවා.

ඉදිරියට අපි බලමු මේ මිල පරාසය තුළම සිලින්ඩරවල මිල තියා ගන්න තමා අපේ උත්සාහය."