ගෑස් බෙදාගන්න බැරිව මිනිසුන් ඇන කොටා ගනියි..

Litro Gas Liquefied Petroleum Gas Litro Gas Price
By Sithumi May 21, 2022 06:32 PM GMT
Report

හැටන් නගරයේ ලිට්‍රෝ ගැස් අලෙවි නියෝජිතයන් පස් දෙනෙකුට සමාගම විසින් (21) දින කිලෝ 12.5 ගැස් සිලින්ඩර් 400 ක් නිකුත් කිරිමත් සමග එම ගැස් මිල දි ගැනිමේදි පොලිම් වල රැදි සිටි පාරිභෝගිකයන් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වි පසුව එය ගැටුම්කාරි තත්ත්වයක් දක්වා වර්ධනය විය.

ගැස් අලෙවි නියෝජිත අලෙවිසැල් ඉදිරිපිට හැටන් නගරයේ ඇතැම් ආපනශාලා හිමියන් තැරැව්කරුවන් යොදා ගනිමින් පොලිම් වල විශාල පිරිසක් යොදවා එම ආපනශාලා වලට ගැස් තොග වශයෙන් ලබා ගැනිම හේතුවෙන් මෙම උණුසුම් තත්ත්වය සහ ගැටුම්කාරි තත්ත්වය ඇති විය.

ඇති වු උණුසුම් තත්ත්වය සහ ගැටුම්කාරි තත්ත්වය හැටන් පාලනය කිරිමට හැටන් පොලිසියේ නිලධාරින් මැදිහත් වි තත්ත්වය සමථයකට පත් කරන ලදි. හැටන් නගරයේ ලිට්‍රෝ ගැස් පාරිභෝගිකයන්ට සමාගම විසින් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා නොදිම හේතුවෙන් මෙම උණුසුම්කාරි තත්ත්වය ඇති විය.