ගෑස් බෙදාහැරීමට දිස්ත්‍රික්ක නම් කෙරේ - කෝප් කමිටුවෙන් ලිට්‍රෝ සමාගමට නිර්දේශ..!
දෛනිකව බෙදන ගෑස් සිලින්ඩරවලින් 60%ක් අධික ජනගනත්වයක් පවතින සහ විකල්ප බලශක්ති ප්‍රභවයන් සීමා සහිත කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවලට බෙදා හැරීමට කටයුතු කරන ලෙසට කෝප් කමිටුව ලිට්‍රෝ සමාගමට නිර්දේශ කර තිබෙනවා.
ඒ අනුව දෛනිකව බෙදාහරින ගෑස් සිලින්ඩරවලින් 60%ක ප්‍රමාණයක් කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවලට බෙදා හැරීමට කටයුතු කරන ලෙසටයි ලිට්‍රෝ සමාගමේ කළමනාකාරීත්වයට පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සභාපති මහාචාර්ය ගරු චරිත හේරත් අද (20) නිර්දේශ කළේ.
අධික ජනගනත්වයක් පවතින කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ජීවත්වන ජනතාවට විකල්ප බලශක්තිය ප්‍රභවයන්ගේ සීමා සහිත බව ඇතුළු කරුණු කාරණා සළකාබලා ඉදිරි සතියක පමණ කාල සීමාව තුළ මෙලෙස බෙදා හැරීම සිදු කරන ලෙස කමිටුව උපදෙස් ලබා දී තිබෙනවා.
මේවන විට ගෑස් සිලින්ඩර ලක්ෂ 35ක හිගයක් රටේ පවතින බවත් දැනට පැමිණ ඇති නැව් ද්විත්වයෙන් දිනකට ගෑස් සිලින්ඩර 80,000 බැගින් දිවයින පුරා සිටින ප්‍රධාන නියෝජිතයන් 42 ක් සහ අනෙකුත් උප නියෝජිතයන් හරහා බෙදා හැරීමේ කටයුතු සිදුකරන බවත් මෙහිදී ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතා ප්‍රකාශ කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |