ගෑස් මිලත් අඩු කරයි..රුපියල් 210ට තිරිඟු පිටි මිලත් බස්සයි?..

Litro Gas Litro Gas Price Laugfs Gas Price
By Aruna Oct 04, 2022 12:46 AM GMT
Report

හෙට මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෑස් මිල යළි පහත දමන බව එහි සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කළා.

මිල සූත්‍රයට අනුව සංශෝධිත මිල එදිනට ප්‍රකාශයට පත් කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

පසුගිය මස 6 වනදා ලිට්රෝ සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 113 කින් පහත දැමූ අතර ඒ අනුව දැනට වෙළඳපොලේ එම වර්ගයේ ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 4,551 ක මිලකටයි.

මේ අතර, ඉදිරි සති දෙක තුල තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 250 දක්වා පහත දැමීමට අපේක්ෂා කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

දැනට තිරිඟු පිටි කිලෝවක් රුපියල් 410 ත් 420 ත් අතර මිලකට අලෙවි වන අතර ඒ පිලිබඳව සමගි ජනබලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර දිසානායක නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

මේ අතර, සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කියා සිටියේ පෙට්‍රල් මිල පහළ දැමුව ද ඩීසල් මිලෙහි සංශෝධනයක් කිරීමට අපේක්ෂා නොකරන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now