යමින් සිටිය බසය නවතා ඇඟලුම් සේවිකාවක් පැහැර ගනී..

Sri Lanka Police Sri Lanka
By Aruna Dec 18, 2022 06:46 AM GMT
Report

වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේ ඇඟලුම් සේවිකාවක පැහැරගෙන ගොස් ඇතැයි නිට්ටඹුව පොලිසිය පවසනවා.

34 වැනි වියෙහි පසුවූ එක් දරු මවක වූ ඇය සේවය නිමවා නිවසට පැමිණෙමින් සිටියදි ඇය ගමන්ගත් බසය නවතා මෙසෛ් පැහැරගෙන ගොස් ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

පැහැරගැනීමට පැමිණි මෝටර් රථයේ අංකය ව්‍යාජ එකක් බව ද පොලිසිය කියයි.

වල්ගම්මුල්ල ප්‍රදේශයේදී මෙම පැහැරගැනීම සිදුව ඇති අතර මේ වන විට ඇගේ ජංගම දුරකතනය ද විසන්ධි වී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now