ලබන සතියේ සිට ගංජා වවන්න අනුමැතිය ලැබෙයි... ඇමතිගෙන් දැනුම්දීමක්..
Police spokesman
Parliament of Sri Lanka
Sri Lanka Politician
Economy of Sri Lanka
By Aruna
ආයෝජන මණ්ඩලයේ නියමු ව්‍යාපෘතියක් ලෙස කංසා වගා කිරීම ලබන මාසයේ ආරම්භ කරන බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කර සිටිනවා.
ඒ සඳහා ආයෝජනය කිරීමට විදෙස් ආයෝජකයන් 11 දෙනෙකු සිය කැමැත්ත පළ කර ඇති බවයි ඩයනා ගමගේ අවධාරණය කර සිටියේ.
මේ අතර, ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, මෙම නව ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් පසුව වසර දෙක තුනක දී පමණක් රුපියල් බිලියන පහකට අධික ආදායමක් උපයා ගැනීමට හැකි වනු ඇති බවයි.
මෙම සමස්ත නියමු ව්‍යාපෘති සඳහා අනුමැතිය ලැබී ඇති බවත් අවධාරණය කළා.