තමාගේ කුටියේදී ජනාධිපතිව නාහවා කරන දේවල් ඇත්තක්ද?..ඥානක්කා මාධ්‍යයට කියූ දේ මෙන්න..(PHOTOS).

Gotabaya Rajapaksa Mahinda Rajapaksa Sri Lanka
By Aruna May 23, 2022 12:42 AM GMT
Report

දේශපාලන කාරණා සඳහා මෙන්ම රට පාලනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට උපදෙස් දෙන බවට පළවන වාර්තා අසත්‍ය බව අනුරාධපුර ඉසුරුපු ප්‍රදේශයේ පදිංචි ඥාණවතී ජයසුරිය හෙවත් ‘ඥානක්කා’ ලෙස ප්‍රසිද්ධ කාන්තාව සඳහන් කරයි.

සති අන්ත පුවත්පතක් වෙත අදහස් පළ කරමින් ඇය පෙන්වා දී ඇත්තේ තමනට දේශපාලන හෝ හමුදා අනුග්‍රහය මත ප්‍රතිලාභ ලැබී ඇති බවට එල්ල වන චෝදනා අසත්‍ය බවයි.

තමන් ගොඩනගා ගත් ඕනෑම දෙයක් තමන්ගේ ම දහඩිය මහන්සියෙන් උපයා ගත් දෙයක් බවත් දැන් අද වන විට එය කොල්ලකෑමට ලක්ව ගිනිබත් කර ඇතැයිද ඇය කියා සිටී.

ජනාධිපතිවරයා ගේ පවුලේ උදවිය ඇයගේ දේවාල භූමිය අතුගාන බවටත් ඇය අතින් ජනාධිපතිවරයා නාවන බවටත් පලවන ප්‍රකාශයන් ඇය ප්‍රතික්ෂේප කරයි.

කිසි දිනෙක ජනාධිපතිතුමන් තමන් නාවා නැති බවත් තමන්ගේ පුදබිමේ එවන් ස්ථානයක් නැති බවත් ඇය කියා සිටියි.

තමන් වෙන කෙනෙක් බවත් මෑණියන් වෙන කෙනෙක් බවත් මානසික බලය එන්නේ මෑණියන්ට මිස තමන්ට නොවන බවද පවසන ඇය මෑණියන්ගේ කුටියේ දී ලබාදෙන උපදෙස් තමන්ට පසුව මතක නැතැයි ද පවසා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGallery