මත්ද්‍රව්‍ය ගත් බස් රියදුරන් ඇල්ලූ සභාපති හදිසියේම ඉල්ලා අස්වීමේ ලිපිය භාර දෙයි

Latest Headlines Clean Sri lanka Sinhala news NPP Government Puwath.lk
By R.rishma Nov 26, 2026 07:22 AM GMT
Report

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජාසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබේ.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් සිදු කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති නමුත් ඒ මහතා තවමත් සිය ධුරයේ රාජකාරි කටයුතුවල නිරත වෙමින් සිටින බවය.

ඔහු ධුරයෙන් ඉල්ලා අස්වීමට හේතු වූ නිශ්චිත කාරණා මෙතෙක් නිල වශයෙන් මාධ්‍ය වෙත අනාවරණය වී නොමැත.

2024 අගභාගයේදී නව රජය බලයට පත්වීමෙන් පසුව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් මෙම තනතුරට ගාමිණී ජාසිංහ මහතාව පත් කරනු ලැබීය.

සිය ධුර කාලය තුළ බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනයේ යෙදීම වැළැක්වීම සඳහා හදිසි පරීක්ෂා කිරීම් සිදු කිරීමටත්, 'Clean Sri Lanka' වැඩපිළිවෙළ යටතේ බස් රථවල විනය හා ප්‍රමිතිය ඉහළ නැංවීමටත් ඒ මහතා සුවිශේෂී පියවර රැසක් ගත්තේය.