ගාලු මුවදොර විරෝධතාකරුවන්ට අධිකරණයෙන් විශේෂ නියෝගයක්..!
ගාලුමුවදොර අරගලකරුවන් පිරිසක් වෙත කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.
ඒ අනුව ධනපාල මුදියන්සේලාගේ රතිඳු සුරම්‍ය සේනාරත්න (රැට්ටා) නිමේෂා දෙව්මිණි, දිනෝමි දිව්සිඳු, ශේෂානි ජයවර්ධන මැල්කම් නිකලස් හා දිනේෂ් නිරංජන් ප්‍රනාන්දු හා වෙනත් තැනැත්තන් වෙත මෙම නියෝගය නිකුත් කර ඇත්තේ හෙට පැවැත්වීමට සංවිධාන කර ඇති උද්ඝෝෂණයකට එරෙහිවයි.
ඒ අනුව ඔවුන් විසින් පුද්ගලයන් ඒකරාශී කර ගනිමින් කොටුව පොලිස් වසමේ එන්. එස්. ඒ. වටරවුම සිට චෛත්‍ය පාර, එන්. එස්. ඒ. වටරවුම සිට ජනාධිපති මාවත, සෙරමික් මංසන්ධියේ සිට යෝර්ක් වීදිය, ලේඩි බැස්ටියන් පාර දක්වාත් මුදලිගේ මාවත, රෝහල් වීදිය, බැංකු මාවත, බාරොන් ජයතිලක මාවත, චැතම් වීදිය, කැනල් පාර යන ප්‍රධාන මාර්ගවල සහ එහි ගමන් ගන්නා මහජනතාවට වාහනවලට හා මාර්ගයේ දෙපස පදික වේදිකාවලට අවහිර කරමින් පැවැත්වීමට සංවිධාන කර තිබෙන උද්ඝෝෂණ පැවැත්වීම වළක්වාලමින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ආඥාව නිකුත් කර තිබෙනවා.
මෙහි පිටපතක් සුදුසු පරිදි ඇලවීමට ද අධිකරණය නියෝග කර ඇති බවයි පොලිසිය කියාසිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |