මැයි 9වෙනිදා ප්‍රචණ්ඩත්වයට යතුරුපැදියකින් ආවෙ කවුද..? සැකකරු අත්අඩංගුවට..!

Nihal Talduwa Galle Face Protest Sri Lankan protests Gota Go Gama
By Sewvandhi May 21, 2022 02:17 PM GMT
Report

ගාලු මුවදොර දී අරගලකරුවෙකුගේ හිසට යකඩ මුගුරකින් පහරදීම සම්බන්ධයෙන් පාතාල කල්ලි සාමාජිකයෙකුගේ ඥාතියෙකු වන 'සතා නාලක' නම් පුද්ගලයා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අත්අඩංගුවට ගත්තේය. 

අදාළ සැකකරු හෝකන්දර ප්‍රදේශයේ සැඟවී සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු 43 හැවිරිදි අශාන්ත නාලක හෙවත් සතා නාලක නමින් හඳුන්වන අයෙකි.

ගාලු මුවදොර ඇතිවූ සිද්ධියේදී ඔහු ස්කූටරයකින් පොදුජන පෙරමුණේ ආධාරකරුවන් සමග ගාලු මුවදොරට පැමිණ තිබුණි. එමෙන්ම ඔහු පාතාල කල්ලි සාමාජිකයෙකුගේ ඥාතියෙකු බවද අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව මගින් අනාවරණ කරගෙන තිබේ.

මොහු මීට පෙර මිරිහානේ ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස අසල ඇතිවූ විරෝධතාවයේදී ගිනිගැනීමට ලක්වූ යුද හමුදා බස් රථය පදවාගෙන පැමිණ විරෝධතාකරුවන් ඉදිරිපිට නැවැත් වූ පුද්ගලයා බවටද පොලීසිය අනාවරණ කරගෙන තිබේ.

මේ අතර මෙම පුද්ගලයා පසුගිය පස්වනදා පාර්ලිමේන්තුව ඉදිරිපිට පැවති විරෝධතාවය අතරතුරදී ද අරගලකරුවන්ට විරුද්ධව අදහස් පලකළ අයෙකි. මේ අතර ලබන සඳුදා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීමට නියමිත බව වාර්තා වෙයි.

ගාලු මුවදොර හා කොල්ලුපිටියේදී අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන්, පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරියාගෙන් හා පොලිස් විශේෂ කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ප්‍රකාශ සටහන්කර ගත්තේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now