පිරිමි බලෙන් බදාගෙන වීඩියෝ කරන අමුතු කත..දකුණේ ප්‍රබලයෙකුත් හසුවෙයි..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Galle Department of Prisons Sri Lanka
By Aruna Aug 29, 2023 05:43 AM GMT
Report

ගාල්ලේ කාන්තාවක් ඉහළ ලාභාංශ දෙන බව පවසමින් ගාල්ල හා ඒ අවට පදිංචි පුද්ගලයන් විශාල පිරිසක් රවටා රුපියල් කෝටි ගණනක මුදලක් 6වංචා කර කට්ටි පනිමින් සිටියදී පසුගිය දා අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ වන විට ඇප මත මුදා හැර සිටින නිරෝෂා නිශාන්ති වන ඇය පදිංචි ගාල්ල, හාලිවල, හිල්සයිඩ් වත්තේ නිවෙස නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් තහනම් කර තිබෙනවා.

එම නිවෙස තහනම් කිරීමට පියවර ගෙන ඇත්තේ නීති විරෝධීව පුද්ගලයින් රවටා උපයා ගත් මුදල්වලින් ඇය විසින් ඉදිකර ඇතැයි කියනු ලබන එම නිවෙස හොර රහසේ අලෙවි කිරීමට ඇය විසින් සූදානම් වන බවට ලද තොරතුරක් නිසයි.

විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් මඟින් ඇයට මුදල් ලබා දුන් අය නැවත මුදල් ඉල්ලා පැමිණෙන විට මෙම කාන්තාව ඔවුනට තර්ජනය කරන බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මුදල් ඉල්ලාගෙන ඇය හමුවට එන පිරිමි පුද්ගලයින් නිවෙස තුළට කැඳවා ගෙන විත් ඔවුන් බදාගන්නා බවත් අනතුරුව ඒ සියල්ල වීඩියෝ කර එම පුද්ගලයින්ව බිය ගන්වන බවත් විමර්ශනවලින් තහවුරු වී තිබෙනවා.

මේ නිසා ඇයට මුදල් ලබා දුන් බොහෝ පිරිමි පුද්ගලයින් ඇයට එරෙහිව පැමිණිලි ඉදිරිපත් නොකරන බව ද සඳහන්.

මෙම කාන්තාව විසින් කරනු ලබන වංචා සඳහා පොලිසියේ දූෂිත නිලධාරීන් පිරිසකගෙන් මෙන්ම දූෂිත රේගු නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් ද සහය ලැබෙන බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

බොහෝ පුද්ගලයින් මෙම කාන්තාවට හසු වී ඇත්තේ රුපියල් කෝටි දෙක තුන පමණ මුදල් ආයෝජනය කරමින්.

මේ අතර දකු‍ණේ ප්‍රසිද්ධ දේවාලයක කපු මහතෙකු ද සිටින බව සඳහන්.