LPL අවසන් වටයේ තීරණාත්මක මොහොතක් ගතවුණු හැටි..
LPL තරගාවලියේ අවසන් වටයේ තවත් තීරණාත්මක තරගයක් මේ වනවිට 'බී ලව් කැන්ඩි' කණ්ඩායම සහ 'ගෝල් ටයිටන්ස්' කණ්ඩායම අතර පැවැත්වෙනවා.
එහිදී කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බී ලව් කැන්ඩි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 157ක් රැස්කරගැනීමට සමත්වුණා.
එහිදී විශිෂ්ට පිතිහරඹයක නියැලුණු නායක වනිඳු හසරංග පන්දු 30කදී හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් සමඟ ලකුණු 48ක් රැස්කළ අතෆ දිනේෂ් චන්දිමාල් හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමංග ලකුණු 38ක් රැස්කරගත්තා.
ගෝල් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් ළහිරු කුමාර සහ සොනාල් දිනූෂ කඩුලු 02 බැගින් දවාගැනීමට සමත් වූණා.
ඒ අනුව තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ගෝල් ටයිටන්ස් කණ්ඩායම ලකුණු 158ක් ලබාගත් අතර මෙම තරගයෙන් ජයගන්නා කණ්ඩායම දඹුල්ල අවුරා කණ්ඩායම සමග හෙට (20) පැවැත්වෙන අවසන් මහා තරගයට එක්වුණා.
- සිතුමි -