ආහාර විෂ වීමකින් පාසල් සිසුන් පිරිසක් රෝහල්ගත කෙරේ
Galle
Sri Lanka
Sri Lanka Police Investigation
Sri Lankan Schools
School Incident
By Gagana
ගාල්ල හියාරේ නැගෙනහිර මහ විද්‍යාලයේ 06 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 10 දෙනෙකු පාසලේදී සකස් කරන ලද ආහාර අනුභව කිරීමෙන් ඇති වූ සංකුලතාවයක් හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුලත්කර තිබෙනවා.
ගෘහ විද්‍යා විෂය නිර්දේශයට අනුව අද (17) පෙරවරුවේ මෙම පන්තියේ ඉගෙනුම ලබන දරුවන් පිරිස විසින් පාසලේ දී පිළියෙල කරල ලද සැන්ඩ්විච් ආහාරයට ගැනීමෙන් පසුව මෙම සංකූලතා මතුවී තිබෙනවා.
මෙම සිසුන් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් අක්මීමන පොලිසිය පරීක්ෂණ සිදු කරනවා