විරෝධතාකරුවන්ට එරෙහි පොලීසියේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
සඳුදා (10) සවස ගාලුමුවදොර පිටියේ පැවැත්වීමට සැලසුම් කර ඇති විරෝධතාවයට එරෙහිව නියෝගයක් නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
සාමකාමීව රැස්වීම් පැවැත්වීම මූලික අයිතිවාසිකමක් බව නීතීඥයින්ගේ අයිතිවාසිකම් සහ වෘත්තීය සමිති ව්‍යාපාරය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියේය.
මීට පෙරද විවිධ දේශපාලන පක්ෂ ගාලුමුවදොර පිටියේ විරෝධතා පැවැත්වූ බවද ඔහු පෙන්වා දුන්නේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සඳහන් කළේ විරෝධතාවයේදී නීති විරෝධී හෝ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවන බවට ප්‍රකාශ කිරීමට සාක්ෂි නොමැති බවයි.
අන් අයගේ අයිතිවාසිකම්වලට බාධා නොවන අයුරින් කිසිදු විරෝධතාවයකට බාධාවක් නොමැති බව සඳහන් කළ මහෙස්ත්‍රාත්වරයා කිසියම් ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදුවුවහොත් එවැන්නක් සිදු නොවීමට පියවර ගැනීමට ශ්‍රී ලංකා පොලිසියට බලය ඇති බව වැඩිදුරටත් සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |