ලෝචනා සියල්ලන් හඩවා අවසන් ගමන් යයි - මව පියා සහ සහෝදරිය රෝහලේ
ගලේවෙල නගර මධ්‍යයේදී ඊයේ (23) දහවල් මව, පියා සහ දියණියන් දෙදෙනෙක් ගමන්ගත් ත්‍රීරෝද රථ යක් අනතුරකට ලක්වීමෙන් එක් දියණියක් ජීවිතක්ෂයට පත්වී තිබේ.
එම ත්‍රීරෝද රථය තාර ප්‍රවාහනය කරමින් තිබූ රථයක ගැටී මෙම අනතුර සිදුවී ඇත. අනතුරෙන් තුවාල ලැබූ මව, පියා සහ අනෙක් දියණිය ප්‍රතිකාර සඳහා දඹුල්ල සහ ගලේවෙල රෝහල්වලට ඇතුළත් කර තිබේ.
ඔවුන් එම අනතුරට මුහුණදී ඇත්තේ, දෙහිඅත්තකණ්ඩිය සිරිපුර ප්‍රදේශයේ සිට කුරුණෑගල ප්‍රදේශයේ විවාහ මංගල්‍යයකට සහභාගිවීම සඳහා යමින් සිටියදීය.
සිරිපුර ප්‍රදේශයේ පදිංචි එස්. එච්. ලෝචනා කාව්‍යංජලි නම් 19 හැවිරිදි තරුණියක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.ඇයගේ 20 වන උපන් දිනය ද අදට (25) යෙදී ඇති බව ඥාතීන් පවසයි.
කුරුණෑගල දෙසට ත්‍රීරෝද රථය ගමන් කරමින් තිබියදී ගලේවෙල නගරයයේ ප්‍රධාන මාර්ගය අසල කැබ් රථයක් නවතා තිබී ඇත. එය ඉස්සර කිරීමට යෑමේදී පිටුපසින් පැමිණි තාර ප්‍රවාහනය කරන රථය ත්‍රීරෝද රථයේ ගැටී අනතුර සිදුවී තිබුණි.
අනතුරු සිදුවීමත් සමග ත්‍රිරෝද රථය තුළ සිටි තරුණිය විසිවී තාර ප්‍රවාහනය කරන රථයට යටවී ඇත.
අනතුර සම්බන්ධයෙන් මාර්ගයේ නවතා තිබූ කැබ් රථයේ රියදුරු සහ තාර පිරවූ රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
මියගිය තරුණිය චිත්‍ර ශිල්පිනියක් ලෙස කටයුතු කර ඇති බවද වාර්තා වෙයි.