රංගනයක් අතරතුරම ජිවිතයෙන් සමුගත් රංගන ශිල්පියා - සියල්ලන් සංවේදී කල,එම අවසන් අවස්ථාවේ වීඩියෝ සහිතයි..(VIDEO)

Sri Lanka Actors Sri Lankan Actor
By Sewvandhi Oct 03, 2022 11:23 AM GMT
Report

නාට්‍යයක් රඟ දක්වමින් සිටියදීම රංගන ශිල්පියෙක් මියගිය අවාසනාවන්ත පුවතක් ගලේවෙල කොස්ගහහින්න ප්‍රදේශයෙන් වාර්තා වුණා මෙලෙස මරණයට පත්වුණේ ගලේවෙල කොස්ගහහින්න ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි තිදරු පියෙක්.

ගලේවෙල කොස්ගහහින්න ප්‍රදේශයේ රංගන ශිල්පින් පිරිසක් ‘ශුර මාතලන්’ නාට්‍යය රඟ දැක්වීම සඳහා කලක සිට සූදානම්වූ අතර මෙම නාට්‍යය පුහුණු කිරීම සිදුකරනු ලැබුවේ ඒ.ජී. ප්‍රේමසිරි නැමැති මෙම රංගන ශිල්පියායි රාජ උදහසට ලක්වන පියෙකු සහ දියණියක අතර ඇතිවන දෙබසක් රඟ දැක්වෙමින් තිබු අවස්ථාවේදී මෙහි මහල්ලා චරිතයට පණ පෙවූ ඒ.ජී. ප්‍රේමසිරි රංගන ශිල්පියා අනපේක්‍ෂිත ලෙස ඇදවැටී තිබෙනවා

ඇදවැටුනු මෙම රංගන ශිල්පියා රෝහල් ගත කරන විටත් ඔහු මරණයට පත්ව සිටි බවයි වාර්තා වන්නේ ඔහුගේ දේහය මේ වන විට ගලේවෙල කොස්ගහහින්න ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා. ඔහු මිය යාමට පෙර රඟ දක්වමින් සිටි නාට්‍යයේ වීඩියෝ දර්ශනයක් පහතින් නැරඹිය හැකියි

 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now