සිද්ධාර්ථට පණපෙවු "ගගන්" සියල්ල හැර දා යයි...ඉන්දියාව පෙරළියකට සැරසෙයි...සිදුවූ සියල්ල මෙන්න.(PHOTOS)
"අනෙක් සියලුම මිතුරන් සහ රසිකයින්ට මට ආශීර්වාද කරන්න...!"
ඉන්දීය සිනමාවේ සුපිරි නළු ගගන් මලික් බ්‍රහස්පතින්දා බැංකොක් නුවර විහාරස්ථානයකදී පැවිදි දිවියට ඇතුළත් වී ඇති බවට වාර්තා වනවා.
ඔහු Wat Thatthong හි පැවිදි වූ අතර ඉදිරි දින 15 භික්ෂුවක් ලෙස ගත කරන්නට නියමිත බවයි පැවසෙන්නේ.
"ජීවිතයේ වැදගත්ම අවස්ථාවක් හෙට (බ්‍රහස්පතින්දා) පැමිණෙනවා...
ඒ මා බැංකොක් Wat Thatthong (රාජකීය ආශ්‍රමය)හි දින 15 ක් පැවිදි වීමයි...
" ගගන් බදාදා ෆේස්බුක් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියා. "අනෙක් සියලුම මිතුරන් සහ රසිකයින්ට මට ආශීර්වාද කරන්න...!"
ඔහු එම සටහනේ තව දුරටත් ආශිර්වාද ඉල්ලා සිටියා. ඔහු අඟහරුවාදා තවත් පෝස්ටුවකින් කියා සිටියේ තමාට ධර්මය ඉගෙන ගැනීමට සහ ඉන්දියාවේ ආගම ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය බවයි.
"ධර්මය ඉගෙනීමට කාලයයි. අනිත්‍ය තේරුම් ගැනීමට කාලයයි. දැනුම ලබා ගැනීමට කාලයයි...
ඉන්දියාව තුළ ධර්මයේ රෝදය පෙරළීමට කාලයයි" ඔහු ලියූ සටහනේ එලෙස සඳහන්ව තිබුණා.
ගගන් මලික් කියන්නේ ඉන්දියාවේ ඉතාම ජනප්‍රිය බොහොම ප්‍රියමනාප වගේම කඩවසම් නළුවෙක්.
ඔහුට තායිලන්තය ඇතුළු බොහෝ ආසියාතික රටවල රසික රසිකාවියන් සිටිනවා.
මලික්ගේ වඩාත් ප්‍රසිද්ධ චරිතයක් වූයේ 2013 දී බුදුරජාණන් වහන්සේගේ ජීවිතය නිරූපණය කළ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ සිදුහත් කුමරුගේ චරිතයයි.
සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය තායි ඇතුළු භාෂා කිහිපයකටම හඬ පරිවර්තනය කරන ලද අතර 2014 වසරේ හැනොයි හි පැවති එක්සත් ජාතීන්ගේ වෙසක් බෞද්ධ චිත්‍රපට උළෙලේ හොඳම නළුවා සහ හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන කිහිපයක් දිනා ගත්තා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |