ලංකා ඛනිජතෙල් පෞද්ගලික ටැංකිරථ හිමියන්ගේ සංගමයෙන් විශේෂ ප්‍රකාශයක්..

Sri Lanka
By krishani Jun 27, 2022 07:09 AM GMT
Report

මෙරට මේවන විට ඇත්තේ සීමිත ඉන්ධන තොගයක් නිසා එම ඉන්ධන අත්‍යාවශ්‍ය සේවා සදහා පමණක් නිකුත් කිරීමට කටයුතු කිරීම හේතුවෙන් ඉන්ධන ටැංකි රථ සේවකයන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව ලංකා ඛනිජතෙල් පෞද්ගලික ටැංකිරථ හිමියන්ගේ සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් පවසයි.

ඒ අද (27) දින තෝරාගත් පිරවුම්හල් වෙත සීමා සහිතව අත්‍යාවශ්‍ය සේවා සදහා ඉන්ධන බෙදාහැරීමට කටයුතු කෙරෙමින් පවතින බව ද එම සඟමය ප්‍රකාශ අතර මේ තත්ත්වය නිසා අද දින ඉන්ධන බෙදා හැරීමේ ඇනවුම් ලබා ගැනීමට ඉදිරිපත්ව ඇත්තේ සීමිත ඉන්ධන ටැංකි රථ ප්‍රමාණයක් බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.

එබැවින් ජනතාව ඉන්ධන පිරවුම් හල් අසල පෝලිමේ සිටීම ඵලක් නැති බවයි එම සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join