ඉන්ධන ලබා ගැනීමට කරන්න හදන අලුත්ම දේ මෙන්න..
ඉදිරියේදී මෙරටට අවශ්‍ය ඉන්ධන ආනයනයට අවශ්‍ය ඩොලර් ලබා ගැනීම සඳහා මහ බැංකුවට ගෙවීමට රුපියල් අච්චු ගැසීමට සිදුව ඇති බව විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර මහතා සඳහන් කරනවා.
ඉදිරි කාලය සඳහා අවශ්‍ය ඉන්ධන ආනයනයට මුදල් සොයා ගැනීම් විශාල අභියෝගයක් බව ද හෙතෙම පවසයි.
ඉන්ධන සඳහා ගෙවීමට මහ බැංකුව ඩොලර් වෙන්කර තිබුණ ද එම සඳහා ගෙවීමට රුපියල් තෙල් සංස්ථාව නැතිවීම හේතුවෙන් ඇති එකම විකල්පය මුදල් අච්චු ගැසීම යයිද ඔහු කියා සිටියි.
මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණෙනෙමින් ඇති ඉන්ධන නෞකා හතරකට ගෙවීමට අවශ්‍ය ඩොලර් මිලියන 160ක් පමණ සොයා ගැනීම මේ දිනවල අභියෝගය වී ඇති බවද හෙතෙම සඳහන් කරයි.
මේ අතර ලංකා ඛණිජ තෙල් ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසන්නේ ලබන 15වනදායින් පසුව ඉන්ධන ලබා දීමේ දී පවතින ගැටළු තවත් උග්‍රවනු ඇති බවයි.
පිරවුම්හල් සදහා ඉන්ධන ලබා ගැනීමට පෙර මුදල් ගෙවන ලෙසට තෙල් සංස්ථාව කර ඇති ඉල්ලීම අනුව මෙම තත්ත්වය උද්ගතවනු ඇති බව එහි සම ලේකම් ශාන්ත සිල්වා පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |