එකවරම තෙල් මිල ඉහළ දමයි..හදිසි තීරණයක් හේතුව වෙයි..
Fuel Price In World
By Aruna
ඒ, ලොව ප්‍රබලතම තෙල් සැපයුම්කරුවන් පිරිසක් සිය නිෂ්පාදන කප්පාදු කරන බව ප්‍රකාශයට පත් කිරීමත් සමගයි.
ඒ අනුව ලෝක වෙළඳපලේ බොරතෙල් මිල සියයට 5 කින් පමණ හදිසියේ ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එහි ප්‍රතිඵලයක් ලෙස බි්‍රතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 84 ක් දක්වා ඉහළ ගිය බව බී බී සී පුවත් සේවය වාර්තා කළා.
එලෙස තෙල් මිල හදිසියේ ඉහළ යාම ආර්ථික අර්බුදයකට මුහුණ දී උද්ධමනය හේතුවෙන් පීඩා විඳින රටවලට තවත් අසීරු වනු ඇති බවයි ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අගවන්නේ.
තෙල් මිල ඉහල යාම ජීවන වියදම පහත හෙලීම සඳහා ද අසීරුතා එල්ල කරනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |