යළි ඉන්ධන මිල ගණන් දිගින් දිගටම ඉහළ යයි..එකවරම සිදු වූ දේ..
යලිත් දිගින් දිගටම ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල ඉහළ ගොස් තිබෙන බව වාර්තා වනවා.
ඒ අනුව WTI තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 76ක් බවයි වාර්තා වන්නේ. බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක් අලෙවි කෙරෙන්නේ ඩොලර් 81කටය.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, මෙලෙස බොර තෙල් මිල අඛණ්ඩව ඉහළ යන අට වන සතිය මෙය වන බවයි.
මෙම තත්ත්වයට ප්‍රධානතම හේතුව වන්නේ රතු මුහුදේ දී ඊශ්‍රායලට පක්ෂපාති රටවල නෞකාවලට හවුති කැරලිකරුවන් විසින් ප්‍රහාර එල්ල කිරීමයි .
මේ අතර මෙරට මාසිකව සිදු කරන ඉන්ධන මිල සංශෝධනය ලබන මස පළමුවැනිදා සිදු කිරීමට නියමිතව ඇත.
ඒ සඳහා ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ගණන් සැලකිල්ලට ගැනීමත් විශේෂත්වයක් වනු ඇති.
මෙවැනි පසුබිමක අපේක්ෂා කෙරෙන්නේ ඉන්ධන මිල යළි ඉහළ යනු ඇති බවයි .
කෙසේවෙතත් පසුගියදා ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 366ක් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල වන්නේ රුපියල් 464ක් දක්වා ඉහළ දමනු ලැබීය.
මේ අතර, ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 358ක් ලෙසින්.
ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 475ක් වේ.
ලංකා භූමිතෙල් ලීටරයක් අලෙවි කෙරෙන්නේ රුපියල් 236කටයි.
කෙසේවෙතත් මෙරට පාරිභෝගික ජනතාව ලබන පළමු වන දා ඉන්ධන මිල අඩු කරනු ඇති බවට දැඩි අපේක්ෂාවෙන් සිටියි.