ඉන්ධන මිල සිනොපෙක් පළමු වරට ඉහළ දමයි..හැබැයි සිපෙට්කෝට වඩා අඩුවෙන්..

Fuel Price In Sri Lanka Ceylon Petroleum Corporation Sri Lanka Lanka IOC Fuel Price In World
By Aruna Sep 01, 2023 06:12 AM GMT
Report

සිනොපෙක් සමාගමත් අද (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබෙන බව දැනුම්දී තිබෙනවා.

ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 358.00 දක්වා ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, ඔක්ටේන් 95 පෙට්ට්‍රල් ලීටරයක මිල 414.00 දක්වා ද ඉහළ ගොස් ඇති බව සඳහන්.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 338.00 ක් සහ ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල 356.00 ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ නංවනු ලැබුවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම මෙම තීරණය ගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

ඒ අනුව, ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 361කි.

ඔක්ටෙන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 42කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 417ක් ලෙසය.

රුපියල් 35කින් ඉහළ දමා ඇති ලංකා සුදු ඩීසල් නව මිල රුපියල් 341ක් වෙයි.

ලංකා සුපිරි ඩීසල් මිල ද රුපියලකින් ඉහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 359ක් ලෙස දැක්වෙයි.

භූමිතෙල් මිල ද රුපියල් 5කින් ඉහළ දමා තිබේ.

එහි නව මිල රුපියල් 231ක් වන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ.