ලබන සතියේ තෙල් මිල වැඩි වෙන්නෙ මෙහෙමයි..ඇමති කියයි..
විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (05) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් භූමිතෙල් අලවියේ දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට විඳින්නට සිදුව ඇති අලාභයන් ගැන සඳහන් කළා.
එහි දී ඔහු කියා සිටියේ, මේ වන විට රුපියල් 87කට අලෙවි වන භූමිතෙල් ලීටරයක් සඳහා සංස්ථාව විසින් රුපියල් හාරසිය විස්සක් වැය කරන බවයි.
ඒ අනුව භූමිතෙල් ලීටරයකින් සිදුවන පාඩුව රුපියල් 333ක්. එහි දී අමාත්‍යවරයා අවධාරණය කළේ ලබන සතියේ දී භූමිතෙල් මිලත් වැඩි කිරීමට සිදුව ඇති බවයි.
සහන මිලට ජනතාවට ඉන්ධන ලබා දීමේ ප්‍රතිවිපාක අද රටක් විදිහට සැමට ම භුක්ති විඳීමට සිදුව ඇති බවත් ඔහු කියා සිටියා.
පාර්ලිමේන්තුව හමුවේ සිදු කළ කතාවේ දී සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැදගත්කම අවධාරණය කළ බලශක්ති අමාත්‍යවරයා කියා සිටියේ, කිසි සේත් එම තෙල් පිරිපහදුව විකුණා දැමීමට හෝ පෞද්ගලීකරණය කිරීමට කිසිදු සූදානමක් නොමැති බවයි.
එමෙන් ම විදුලි බල පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දින විදුලි ඉංජිනේරුවන් විසින් රට පුරා ක්‍රියාත්මක කළ විරෝධතා ව්‍යාපාරය අතරතුර දී ජල විදුලි බලය භාවිත නොකර ඩීසල් විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩල පද්ධති ඉන්ජිනේරුවන්ට චෝදනා එල්ල වුණා.
ඒ සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලය සිදු කළ අභ්‍යන්තර පරීක්ෂණයකින් එම සිද්ධියට වග කිව යුතු ඉංජිනේරුවන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව නියෝජ්‍ය සාමාන්‍යධිකාරි පද්ධති පාලන අංශයේ ඉංජිනේරු අලහකෝන් සහ ප්‍රධාන ඉංජිනේරු එරංග කුඩාහේවා යන දෙදෙනාගේ වැඩ තහනම් කිරීමටයි නියම වී ඇත්තේ.
මේ අතරින් ප්‍රධාන ඉංජිනේරු එරංග කුඩාහේවා විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ සමලේකම්වරයා ද වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |