වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමයි..නව මිල ගණන් මෙන්න.

Ceylon Petroleum Corporation
By Aruna Jun 26, 2022 01:01 AM GMT
Report

අද (26) අලුයම(පෙ.ව) 2.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා .

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 50කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 470ක්.

එමෙන්ම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 100කින් ඉහළ නංවා ඇති අතර ඒ අනුව එහි නව මිල සටහන් වන්නේ රුපියල් 550ක් ලෙසින්.

මේ අතර මෙම මිල සංශෝධනයට අනුව ලංකා සුදු ඩීසල් පෙට්‍රල් ලීටරයක් රුපියල් 60කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 460ක් වනවා.

තව ද ලංකා සුපිරි ඩීසල් මිල ද රුපියල් 75කින් ඉහළ නංවා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 520ක්.

අදාල නිවේදනය පහතින් බලන්න.

මේ අතර ලංකා IOC සමාගම ද CPC මිල සංශෝධනයෙන් පසු ඉන්ධන මිල ඉහළ දැමූ බව නිවේදනය කර තිබේ.

මෙහිදී IOC  සමාගමද  CPC  වැඩි කළ මිලට සමානව පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ නංවා ඇත.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery