යළි ඉන්ධන මිල විශාල ගණනකින් ඉහල දමන්න යයි.!!වැඩි කරන දිනයත් කියයි..
Fuel Price In Sri Lanka
Ceylon Petroleum Corporation
Sri Lanka
Sri Lanka Fuel Crisis
By Aruna
නැවත වතාවක් ඉන්ධන මිල වැඩි කිරීමක් සඳහා රජය සූදානම් වන බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කරයි.
ඒ අනුව ජුනි මස 24 වැනිදා මෙම ඉන්ධන මිල වැඩි කිරීමට සිදු කරන තුරු රට තුළ ඉන්ධන බෙදා හරිම විධිමත් නොකරනු ඇතැයි ද හෙතෙම පැවසීය.
සෑම වර්ගයකම ඉන්ධන ලීටරයක් රුපියල් සියයකින් මිල වැඩි කිරීමට ඉඩ ඇති බවද හෙතෙම කියා සිටී.
මේ අතර පෙට‍්‍රල් තොගයක් මිලට ගැනීම සහ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සදහා අදාල ඩොලර් මිලියන 42.6ක ණයවර ලිපියත් විවෘත කල බව මහජන බැංකුව පවසනවා.
එමගින් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් බැරල් ලක්ෂ 3ක් මිලදී ගැනීම සිදු කිරීමට නියමිතයි.
රට පුරා මේ වන විට දැඩි පෙට‍්‍රල් හිගයක් පවතින අතර පිරවුම්හල් ඉදිරියේ දීර්ඝ පෝලිම් ඇතිව තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |