ඉන්ධන මිල විශාල ප්‍රමාණයකින් අඩු කරන්න පුළුවන්..තව සති 02කින් අඩු කරයි?..

Fuel Price In Sri Lanka University of Peradeniya Sri Lanka Fuel Crisis Petrol diesel price Fuel Price In World
By Aruna Jun 16, 2024 01:30 AM GMT
Report

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන්වල පහළ යාමේ වාසිය සත්‍ය වශයෙන්ම මේ රටේ ජනතාවට නොලැබෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ප්‍රධාන පුවත්පතකට ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු සඳහන් කළේ, භාණ්ඩ හා සේවා මගී ප්‍රවාහන වියදම් මෙන්ම පොදුවේ ජීවන වියදම පහළ නොයන්නේ පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් රටේ සැලකිය යුතු ආකාරයට පහළ නොයන නිසා බවයි.

ලංකාවේ පෙට්‍රල් 95 ලීටරයක මිල 2023 සැප්තැම්බර් රුපියල් 420 ක් පමණ වූ අතර දැනටත් පවතින්නේ එම මිලම බවයි ඔහු කියා සිටියේ.

යළි තෙල් මිල එකවරම ඉහළ යයි..සටහන් වූ නව මිළ ගණන් මෙන්න..

යළි තෙල් මිල එකවරම ඉහළ යයි..සටහන් වූ නව මිළ ගණන් මෙන්න..


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා මෙසේද ප්‍රකාශ කළේය.

පසුගිය වසරේ සැප්තැම්බර් වන විට බොරතෙල් බැරලයක මිල වාර්තා වන්නේ ඩොලර් අනූ හතරක් ලෙසයි.

එය පසුගිය වසරේ දෙසැම්බර් වන විට බැරලයක මිල ඩොලර් 68ක් දක්වා අඩුවෙනවා.

මේ අවුරුද්දේ මාර්තු වෙනකොට ඩොලර් 83 දක්වා වැඩිවි නැවත පසුගිය ජුනි වන විට ඩොලර් 74 ක් දක්වා පහළ යනවා.

ඒ කියන්නේ 2023 සැප්තැම්බර් සිට මේ දක්වා බොරතෙල් බැරලයක මිල සියයට විසි හතකින් පහළ ගිහින් තියෙනවා.

එහෙත් ලංකාවේ පෙට්‍රල් 95 ලීටරයක මිල 2023 සැප්තැම්බර් වන විට රුපියල් 420 ක් පමණ වුණා.

රාජ්‍ය සේවයේ පිරිසකගේ දීමනාම වැඩි කරයි.. වැඩි කළ ප්‍රමාණය සහ එම පිරිස මෙන්න..

රාජ්‍ය සේවයේ පිරිසකගේ දීමනාම වැඩි කරයි.. වැඩි කළ ප්‍රමාණය සහ එම පිරිස මෙන්න..


අද වෙනතුරු පවතින්නේද එම මිලමයි. පෙට්‍රල් 92 ලීටර් එකක මිල 2023 සැප්තැම්බර් වනවිට රුපියල් 365ක් ලෙස පැවැති අතර අදවන විට එය රු 355 ක් ලෙස රුපියල් 10 කින් පමණ පහළ ගොස් තියෙනවා .

එනම් මිල අඩු වී අත්තේ සියයට 2කින් පමණයි.ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල පසුගිය වසරේ සැප්තැම්බර් වනවිට රුපියල් 351 ලෙස තිබූ අතර අදවන විට එය රුපියල් 317 දක්වා සියයට 11කින් පමණ පහළ ගිහින් තියෙනවා.

ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල පසුගිය අවුරුද්දේ සැප්තැම්බර් වන විට පැවැතියේ රුපියල් 421 ක් ලෙසය.

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය ගැන IMF එකෙන් සතුටුදායක ආරංචියක්..හෙට සිට කරන්න යන දේ මෙන්න.

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය ගැන IMF එකෙන් සතුටුදායක ආරංචියක්..හෙට සිට කරන්න යන දේ මෙන්න.


එහෙත් අද වනවිට ලීටරයක මිල වන්නේ රුපියල් 377 කී.

එනම් පහළ ගොස් අත්තේ සියයට 12 කින් පමණය.