ඉන්ධන මිල සංශෝධනය ගැන අලුත්ම ආරංචිය මෙන්න..ගෑස් මිලත් සංශෝධනය කරයි..

Fuel Price In Sri Lanka LAUGFS Gas PLC Fuel Price In World
By Aruna Oct 01, 2023 06:54 AM GMT
Report

මිල සූත්‍රයට අනුව මෙවර ඉන්ධන මිල සංශෝධනය හෙට (02) මධ්‍යම රාත්‍රියේ සිට සිදුකිරීමට නියමිතව තිබෙනවා.

මිල සංශෝධනය හෙට රාත්‍රී ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ.

මිල සූත්‍රයට අනුව සෑම මසකම පළමු වන දින ඉන්ධන මිල සංශෝධනය සිදුකෙරුණා.

කෙසේවෙතත් ඉරිදා දිනයක් බැවින් අද දිනයේ එම මිල සං‍ශෝධනය සිදුනොවූ අතර එය අනිද්දා දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

මිල සූත්‍රයට අනුව පසුගිය මාසයේ දී ඉන්ධන මිලෙහි සැලකිය යුතු වැඩිවීමක් සිදුවුණා.

මේ අතර මෙවර ගෑස් මිල සංශෝධනය ද ඔක්තෝබර් මස 4 වන දින ප්‍රකාශයට පත් කරන බවයි ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළේ.

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන්වලට අනුව මෙවර මිල සංශෝධනයේ දී ගෑස් මිලෙහි සුළු වැඩිවීමක් සිදුවනු ඇති බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

පසුගිය වර මිල සංශෝධනයේ දී කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145කින් ඉහළ දැමුණා.