ඊයේ රෑ ඉන්ධන මිල වැඩි කළත් අඩු මිලටම ඉන්ධන දෙන පිරවුම්හල් මෙන්න..

Fuel Price In Sri Lanka Ceylon Petroleum Corporation Lanka IOC Fuel Price In World National Fuel Pass
By Aruna Sep 01, 2023 02:32 AM GMT
Report

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබෙනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම මෙම තීරණය ගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

ඒ අනුව, ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 361කි.

ඔක්ටෙන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 42කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 417ක් ලෙසය.

රුපියල් 35කින් ඉහළ දමා ඇති ලංකා සුදු ඩීසල් නව මිල රුපියල් 341ක් වෙයි.

ලංකා සුපිරි ඩීසල් මිල ද රුපියලකින් ඉහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 359ක් ලෙස දැක්වෙයි. භූමිතෙල් මිල ද රුපියල් 5කින් ඉහළ දමා තිබේ.

එහි නව මිල රුපියල් 231ක් වන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ.

කෙසේවෙතත් ඊයේ සිට මෙරට තුළ නව මෙහෙයුම් කටයුතු ආරම්භ කළ සයිනොපෙක් සමාගම සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එම සමාගම පෙර පැවති මිල ගණන් වලටම ඉන්ධන සපයනු ඇති.