ලබන මාසයේ සිට යළි තෙල් මිල ඉහළ යයි?..හේතුව මෙන්න.
බොරතෙල් මිල ඉහළ නැංවීමේ අරමුණින් සෞදිය බොරතෙල් නිෂ්පාදනය කප්පාදු කිරීමට තීරණය කර තිබුණත්, දැනට පවතින මිල ගණන් යටතේ මෙරට ඉන්ධන ලබා දිය හැකි බව බලශක්ති විශ්ලේෂකයින් අවධාරණය කරනවා.
තෙල් සැපයුම කප්පාදු කිරීමේ තීරණය අනුව සෞදිය දෛනිකව නිෂ්පාදනය කරන බොරතෙල් බැරල් ප්‍රමාණය මිලියනයකින් පමණ අඩු කරනු ඇති.
එය ජූලි මාසයේ සිට ක්‍රියාත්මක කරන බව ද සෞදිය නිවේදනය කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.
විදෙස් මාධ්‍ය ඊයේ වාර්තා කළේ, සෞදි අරාබිය සහ රුසියාව ප්‍රමුඛ ඔපෙක් ප්ලස් හවුලේ සාමාජිකයින් අතර පැවැති හමුවකින් අනතුරුව සෞදිය මේ බව නිවේදනය කර ඇති බවයි.
එහෙත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ හිටපු රසායනාගාර ප්‍රධානී සිරිල් සුදුවැල්ල මහතා පවසන්නේ, නිවැරදි කළමණාකරණයක් යටතේ පවතින මිල ගණන් අනුව මෙරට තුළ ඉන්ධන ලබා දිය හැකි බවයි.
මේ අනුව නිසි කළමණාකරණයක් යටතේ ඉන්ධන මිල ගණන් තවදුරටත් අඩුකිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හැකියාව පවතින බවයි මෙහිදී අවධාරණය කෙරුනේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |