මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඩීසල් මිලත් ඉහළ දමයි..රෑ සිදුවූ දේ මෙන්න..
ඊයේ(31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.
නව සංශෝධනයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් පහළ දමා තිබෙනවා.
ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 318ක් වේ.
මේ අතර ලංකා භූමිතෙල් මිල ද රුපියල් 50කින් පහළ දමා තිබෙනවා.
එහි නව මිල රුපියල් 245ක් වේ. එසේම ලංකා කාර්මික භූමිතෙල් මිල ද රුපියල් 60කින් පහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 270කි.
මේ අතර ඔක්ටේන් 95 යූරෝ 4 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර ඔක්ටේන් 95 යූරෝ 4 වර්ගයේ ඉන්ධන ලීටරයක නව මිල වන්නේ රුපියල් 385ක් ය.
එසේම ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 වර්ගයේ ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇත.
එ අනුව එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 340ක් ය.
ඊයේ දිනයේ බොහෝ ඉන්ධන පිරවුම් හල්වල ඉන්ධන නොමැති බව පවසමින් පුවරු ප්‍රදර්ශනය කර තිබුණා.
මීට හේතුව ඉන්ධන මිල වැඩි වීමද? නැතිනම් අඩු වීමද? එම සංශෝධනය කළ ඉන්ධන මිල ගණන් පහතින්,
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |