උද්ධමනය පාලනය කිරීමට යාමෙන් තෙල් මිල හදිසියේම අඩු වෙයි..

Fuel Price In World
By Aruna Feb 13, 2023 07:17 AM GMT
Report

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිලෙහි වෙනසක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඒ අනුව පෙර පැවති මිල ගණන් වලට වඩා අඩුවීමක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අද (13) බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 85.65ක් ලෙසද වෙස්ට් ටෙක්සාස් ඉන්ටමීඩියෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 78.99ක් වශයෙන්ද දැක්වුණි.

විචාරකයින් පවසන්නේ අමෙරිකාවේ උද්ධමනය පාලනය කිරීම සඳහා එරට මහ බැංකු බලධාරීන් පොලි අනුපාතික ඉහළ දමා ඇති පසුබිමක ඉල්ලුම අඩුවීමෙන් බොර තෙල් මිල පහළ ගොස් ඇති බවයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now