ඉන්ධන වලට විශාල බද්දක්..ජනවාරි සිට කරන්න යනදේ මෙන්න..

Fuel Price In Sri Lanka Ashok Abeysinghe Ranil Wickremesinghe Sri Lanka Politician Sri Lanka
By Aruna Nov 10, 2022 05:01 AM GMT
Report

ඉදිරි වසර සඳහා වන අය වැයෙන් ඉන්ධන බද්දක් හඳුන්වාදීමට නියමිත බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කරනවා.

එම යෝජනාවට අනුව එළැඹෙන ජනවාරි මස ඉන්ධන මිල ඉහළ යනු ඇති බවයි හෙතෙම කියා සිටියේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද ජනවාරි පෙබරවාරි වන විට ඉන්ධන මිල ඉහළ යනු ඇති බවට පවසා ඇති බවත්, එසේ වේලාසන පැවසුවේ අයවැයෙන් ඉන්ධන වලට විශාල බද්දක් පනවන නිසා බවත් මන්ත‍්‍රීවරයා පැවසීය.

ඉන්ධන මිල වැඩි වීමත් සමග රටේ සමස්ත භාණ්ඩ වල ද මිල ඉහළ යනු ඇති බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.

මේ වන විට මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනය නොකර සිටින්නේ ඒ හේතුවෙන් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

කෙසේවෙතත් මෙලෙස යම් හෙයකින් ඉන්ධන සහ භාණ්ඩ මිල යලි ඉහළ ගියහොත්,ජනතාව තවත් අසරණ තත්ත්වයට වැටීම කිසිවෙකුට නතර කළ නොහැකිය.

දැන්ම මේ සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් නොගතහොත් ජනතාව තවතවත් කබලෙන් ලිපට වැටීම නතර කළ නොහැකි වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now