ඉන්ධන ලීටරයක් 200කින් අඩු කරන විදිය මෙන්න..ජනතාවට විශාල වාසියක්.!!
ඉන්ධන ලීටරයක් දැනට අළෙවි කරන මිලට වඩා රුපියල් 200 ක් අඩු මිලකට ජනතාවට ලබාදීමේ හැකියාව ඇති බවත් ඉන්ධන ලීටරයක සත්‍ය ආනයනික වියදම රුපියල් 300 ට වඩා වැඩි නොවන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ (7) ප්‍රකාශ කළා.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන ආනයන පිරිවැය වැඩියෙන් ඉන්ධන මිල සූත්‍රයට ආදේශ කර ඇති බවත් මෙම මිල වැඩියෙන් පෙන්වීමෙන් ඉන්ධන පිරවුම්හල්වලට ලබාදෙන මුදල ද වැඩියෙන් ගණනය වන බවත් රත්නායක මහතා සඳහන් කරයි.
ඛනිජ තෙල් සංස්ථාව බොරතෙල් බැරලයකට ඩොලර් 72.50 කට මිලදී ගෙන ඇත්නම් ලෝක වෙළෙඳපොලේ ඩොලර් 200 ක් වුවත් එහි වැඳගත්කමක් නොමැති බව කී රත්නායක මහතා පෙට්‍රල් බැරලයක් ඩොලර් 171 ක් යැයි කීව ද ඔක්ටේන් 92 පෙට්‍රල් ඩොලර් 100 ට ආනයන කර ඇති බව ද සඳහන් කළේය.
ඔක්ටේන් 95 පෙට්‍රල් ඩොලර් 103 ට, ඔටෝ ඩීසල් ඩොලර් 112 ට, සුපිරි ඩීසල් ඩොලර් 115 සහ භූමිතෙල් ඩොලර් 105 ට ලෙස ආනයන කර ඇති බවත් ආනයන කළ වටිනාමක අනුව ඉන්ධන මිල ගණනය කළ යුතු බවත් රත්නායක මහතා කීය.
මෙම ගණනය කිරීමේදී බදු ආදායම අහිමිවී තෙල් සංස්ථාවට රුපියල් 200 ක් ලැබෙන බව කී රත්නායක මහතා සඳහන් කළේ, අවසානයේ ඉන්ධන මිලදී ගැනීමට ද මුදල් නොමැති බවත්ය.
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |