වහාම ක්‍රියාත්මක පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමේ..!

Ceylon Petroleum Corporation Sri Lanka Sri Lanka Fuel Crisis
By Sewvandhi Nov 11, 2022 04:35 PM GMT
Report

අද මධ්‍යම රාත්‍රි 12 සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් සහ ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ දමන්නට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 430ක් ලෙසින්. ලංකා භූමිතෙල් ලීටරයක මිල ද රුපියල් 365ක් ලෙසින් වෙනස්වී තිබෙනවා.

කෙසේවෙතත් මෙම මිල සංශෝධනයේදී ලංකා සුපිරි ඩීසල්, ඔක්ටේන් 95 පෙට්‍රල්, ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ලංකා කාර්මික භුමිතෙල්වල කිසිදු මිල වෙනසක් සිදුවී නැහැ.

එම නිවේදනය පහතින්...

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery