ඉන්ධන මිල අඩු කරනවද..? ඇමති කාංචන්ගෙන් විශේෂ ප්‍රකාශයක්

Ceylon Petroleum Corporation Sri Lanka Minister of Energy and Power Kanchana Wijesekera
By Sewvandhi Nov 03, 2022 08:12 AM GMT
Report

එළඹෙන සතියේදී ඉන්ධන මිල පහළ දැමීම ගැන කිසිදු තීරණයක් ගෙන නොමැති බව අමාත්‍යවරයා අවධාරණය කර සිටී.

ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් ඇතිවී තිබෙන්නේ ඉන්ධන පිරවුම්හල් හිමියන් ඉන්ධන සඳහා ඇනවුම් නොකිරීම හේතුවෙන් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ ඉන්ධන මිල පහළ දමනු ඇතැයි උපකල්පනය කරමින් ඉන්ධන පිරවුම්හල් හිමියන් මෙලෙස ඉන්ධන සඳහා ඇනවුම් නොකර සිටින බවය.

මේ අතර ඇතැම් ඉන්ධන පිරවුම්හල්කරුවන් විසින් ඉන්ධන ඇණවුම් කිරීමේ ප්‍රමාදයක් දක්නට ලැබෙන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

එහි උප සභාපති කුසුම් සන්ධනායක මහතා පවසන්නේ, ඉන්ධන මිල අඩුවන බවට අපේක්ෂා කිරීම හේතුවෙන් ඇණවුම්කිරීම එලෙස සීමා කර ඇති බවය.

"පසුගිය මිල සංශෝධනයේදී උදේ 10ට විතර තෙල් අඩුවෙනවා කියලා ප්‍රකාශ කළා. නමුත් ඛනිජ තෙල් සංස්ථාවත්, IOC සමාගමත් දෙකම ඛනිජ තෙල් බෙදුම්කරුවන්ට තොග බෙදාහැරියේ අර පරණ මිලටම තමයි.

එතකොට විශාල පාඩුවක් මේ බෙදුම්කරුවන්ට වුණා ලංකාව පුරාම සිටින. මේ 01 වනදා මිල සංශෝධනයක් තියෙනවා කියලා ප්‍රකාශ කරපු නිසා මේ තෙල් මිලදී ගැනීමේන් වැළකී සිටියා සියලුම පිරවුම්හල් හිමියන්.

මේක සාධාරණ හේතුවක්. මොකද මෙවැනි විශාල පාඩුවක් මේ පිරවුම්හල්වට වෙනවා. දැන් කාලේ තියෙන විදිහට, බැංකුවල තියෙන පොලී අනුපාතය අනුව කරන්න පුළුවන්කමක් නැහැ. 

ඉතින් ඒකෙන් වැළකී සිටිය නිසා IOC සමාගම නම් මම කියන්න දැන්නේ නැහැ හරියටම. එහෙම කරන එකක් නැහැ කියලා මගේ විශ්වාසය. නමුත් ඛනිජ තෙල් සංස්ථාව දඬුවමක් වශයෙන් ඒ අයට තෙල් නිකුත්කිරීම නවත්වලා තියෙන්නේ."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now