ඉන්ධන මිල තවත් ඉහලට..? - ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Fuel Price In Sri Lanka Ranil Wickremesinghe Sri Lanka Sri Lanka Fuel Crisis
By Sewvandhi Oct 06, 2022 05:26 AM GMT
Report

ගෝලීය බලපෑම හේතුවෙන් ඉදිරි දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරී මාසවල ඉන්ධන මිල ඉහළ යා හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී සිදුකළ විශේෂ ප්‍රකාශයේ දී මේ බව සඳහන් කළේය. 

 වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

"මේ අර්බුදය අසීරු මාවත ඔස්සේ ඉදිරියට ගමන් කිරීමේදී අපට පාලනය කළ නොහැකි ගෝලීය ප්‍රවණතාවයන්ගෙන් අපට පීඩාවිඳීමට අපට සිදුවෙනවා. ඉන්ධන මිල එවැනි එක් දෙයක්. යූක්‍රේන යුද්ධයේ බලපෑම නිසා ඉදිරි දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරී මාස වෙද්දි ලෝකයේ ඉන්ධන නිෂ්පාදන පහළ වැටීමක් ගැන පුරෝකථනය කර තිබෙනවා. ඊයේ මම හිතන්නේ ඔපෙක් සංවිධානයක් ප්‍රකාශ කළා තමන්ගේ නිෂ්පාදනය අඩුකරන්න යනවා කියලා. ඒ නිසා සිදුවෙන්නේ යුරෝපයේ දියුණු රටවල් ශීත කාලයට මේ ඉන්ධන මිලදී ගන්නවා.

එකක් ඉන්ධන වෙළෙඳපොළේ අඩුවක් තිබෙනවා. එකෙන් වැඩි ප්‍රමාණයක් යුරෝපා රටවල් මිලදී ගන්නවා. එතකොට සිදුවෙන්නේ ලංකාව වැනි රටවලට ඉන්ධන මිල තවත් වැඩිවෙනවා. විශේෂයෙන් මේ නිසා ලංකාවට විතරක් නෙමයි දකුණු ආසියාවේ රටවල් ගණනාවකට ඒකට මුහුණදෙන්න තියෙනවා. ඉන්ධන මිල ඉහළ යෑම පාරිභෝගිකයන්ට දරාගත හැකි මට්ටමක රැඳවාගැනීම සඳහා අප දැන් සිටම සැලසුම් කර යුතුයි."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now