තෙල් මිල ඉහළට.. ජනවාරි 26න් පසුව වාර්තා වෙන ඉහළම අගය මෙය වෙයි..
Fuel Price In World
Latest Headlines
Decision Making
By krishani
මේ වනවිට බොරතෙල් මිල ඇමෙරිකානු ඩොලර් 82.67ක් ලෙස සටහන් විය.
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගෙවුණු සති අන්තයෙන් පසු ක්රමික ඉහළ යාමක් පෙන්නුම් කළේ ය.
එය ජනවාරි 26 වනදායින් පසු වාර්තා වන ඉහළම අගය වේ.
ඒ අතර රතු මුහුදේ උණුසුම් වාතාවරණය සමග බොරතෙල් ප්‍රවාහනයට බාධා මතු වීමත් සමග යුරෝපයේ ඉන්ධන මිල ගණන් ද තවදුරටත් ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
කෙසේ වෙතත්, ආසියාව සහ මැදපෙරදිග සිට යුරෝපයට තිබෙන කෙටිම මාර්ගය වන සූවස් ඇළ මඟ හරිමින් ඉන්ධන ප්‍රවාහන නෞකා දිගු මාර්ගයක ගමන් කරන අතර, ඒ හේතුවෙන් බෙදා හැරීම් ප්‍රමාද වීම මෙන්ම පිරිවැය ඉහළ යාම ඊට හේතු වී ඇති බව වාර්තා විය.