වහාම ක්‍රියාත්මක පරිදි ඉන්ධන මිල අඩු කෙරේ

Sri Lanka Minister of Energy and Power Kanchana Wijesekera Sri Lanka Fuel Crisis
By Sewvandhi Oct 17, 2022 08:25 AM GMT
Report

අද රාත්‍රී 9 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩුකර ඇති බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඒ අනුව 92 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40කින් ද ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ද අඩුකර ඇත. 

 නව මිල සංශෝධනය අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු 370ක් වන අතර, ඔටෝ ඩීසල් ලීටරයක මිල රු 415ක් වේ.

මේ අතර,ලංකා IOC සමාගම විසින් CPC හි මිලටම ඉන්ධන මිල අඩු කිරීමට තීරණය කර ඇති බව නිවේදනය කරනවා.

 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


Gallery