මොකක්ද මේ එකවරම ඉන්ධන වලට වුණේ?. හැමෝම බලා හිටිය දේ ගැන ආරංචිය මෙන්න.. ලබන මාසේ සිදුකරන දෙයක් ගැනත් දැනුම්දීමක්.
Parliament of Sri Lanka
Sri Lanka Parliament
Sri Lanka Politician
Kanchana Wijesekera
Fuel Price In World
By krishani
අද (24) පාර්ලිමේන්තුවේ දී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉන්ධන සම්බන්ධයෙන් අදහස් දැක් වීය.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ යෝජිත 18%ක එකතු කල බද්ද මත සිදු කළ වැඩි කිරීම් ඩීසල් සහ භූමිතෙල් සඳහා බලාත්මක නොවන බවයි.
එමෙන්ම දෙසැම්බර් 10 වන දා යෝජිත වැට් බද්ද වැඩි කිරීමේ අවසන් තීරණය ගැනීමට නියමිතයි.
එහිදී භූමිතෙල් සහ ඩීසල් වැට් බද්දෙන් නිදහස් කිරීමට අවධානය යොමූ වී තිබෙනවා.
වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා සඳහන් කළේ හම්බන්තොට ප්‍රදේශයේ ශ්‍රී ලංකාවේ දෙවන තෙල් පිරිපහදුව ඉදිකිරීම ලබන මාසයේ ආරම්භ කරන බවයි.
කෙසේ වෙතත්, මෙලෙස ලබන මාසයේ දී ප්‍රධාන විදුලි ව්‍යාපෘති හයක් අවසන් කිරීමට රජය කටයුතු කරන බව අමත්‍යවරයා පැවසීය.