අද මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක වන පරිදි වහාම ඉන්ධන මිල වෙනස් වෙයි - ඒ අනුව නව මිල ගණන් දැනගන්න මෙතනින් පිවිසෙන්න.(PHOTO)

By krishani Oct 31, 2023 04:43 PM GMT
Report

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) සහ ලංකා IOC සමාගම තීරණය කර ඇත.

ඒ අනුව 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 09 කින් පහළ දමා ඇත.එහි නව මිල වන්නේ රුපියල් 356 ක් ය.

95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 03 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 423ක් ලෙසයි.

එමෙන්ම ලංකා සුදු ඩීසල් මිල රුපියල් 05 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 356 ක් ලෙස සටහන් වෙයි.

ලංකා සුපිරි ඩීසල් මිල ද රුපියල් 10 කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 431 ක් වේ.

කෙසේවෙතත්, ලංකා භූමිතෙල් මිල රුපියල් 7කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 249ක් ලෙසයි.

Gallery