ඉන්ධන සැපයුම ගැන විශේෂ සාකච්ඡාවක්..
Kanchana Wijesekera
Sri Lanka Fuel Crisis
By krishani
මෙරටට ඉන්ධන සපයාගැනීම සම්බන්ධයෙන් රුසියානු බලශක්ති අමාත්‍යවරයා සහ මෙරට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අතර අනිද්දා (20) සූම් තාක්ෂණය ඔස්සේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.
මේ දක්වා ඉන්ධන සපයා ගැනීම සම්බන්ධයෙන් රුසියාව සමඟ සිදුකළ සාකච්ඡා ඉහළ සාධනීය මට්ටමක පවතින අතර පසුගියදා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන රුසියාවේ සංචාරයක නිරතවුණී.
එහිදී ඔහු එරට ප්‍රවාහන අමාත්‍යවරයාද මුණගැසුණු අතර, එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රවාහනය විධිමත් කිරීමට උපරිම සහාය ලබාදීම සඳහා එකඟතාව පළවී තිබුණා.