යතුරුපැදි සහ ත්‍රී රෝද රථ සඳහා ඉන්ධන ලබා දීමට විශේෂිත ක්‍රමයක් - පාසල් ප්‍රවාහන සේවය සම්බන්ධයෙනුත් විශේෂ තීරණයක්..!
By Sewvandhi
ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සඳහා නියමිත දිනවලදී ඉන්ධන නිකුත් කරනු ලබන්නේ අංක තහඩුවේ අවසන් අංකයට අනුව බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා සදහන් කරනවා
මේ අතර අද සිට පැය 24 පුරා ලංගම ඩිපෝ හරහා පෞද්ගලික මගී ප්‍රවාහන බස්රථ හා පාසල් ප්‍රවාහන සේවාවන්ට ඉන්ධන නිකුත් කෙරෙන අතර වෙනත් පිරවුම්හල් වෙත නොයන්නැයි බලශක්ති අමාත්‍යවරයා ඉල්ලා සිටිනවා.
එමෙන්ම ලබන සතියේ සිට සිකුරාදා දිනවල තෝරාගත් පිරවුම්හල්වලින් අත්‍යාවශ්‍ය සේවා සඳහා ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා පවසනවා.