ඉන්ධන සම්බන්ධයෙන් රට පුරා හදිසියේ උද්ගතවී ඇති තත්ත්වය මෙන්න..

Fuel Price In Sri Lanka Sri Lanka Fuel Crisis Fuel Price In World
By Aruna Feb 15, 2024 12:33 AM GMT
Report

රට පුරා ප්‍රදේශ ගණනාවකම දිනපතා ඉන්ධන හිඟයක් ඇතිවන බව ඛණිජ තෙල් බෙඳුම්කරැවන් ගේ සංගමය කියා සිටිනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ඉන්ධන පිරවුම්හලට ඉන්ධන ලබාගැනීම සඳහා මුදල් ගෙවීමට තිබූ කාලය උදෑසන 10.00 දක්වා සීමා කිරීම මත මෙම තත්වය උද්ගත වී තිබෙන බවයි.

ඉන්ධන අලෙවි විශාල වශයෙන් පහළ වැටීම නිසා උදෑසන දහයට පෙර මුදල් තැන්පත් කිරීම අපහසු බවද පෙන්වා දෙන බෙදුම්කරුවෝ එම සංගමය සංස්ථාවෙන් චෙක්පත් පහසුකම ඉල්ලා තිබුණද සංස්ථාව මේ දක්වා ඒ සඳහාද ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවයි පවසන්නේ.

මේ අතර, ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගෙවුණු සති අන්තයෙන් පසු ක්‍රමික ඉහළ යාමක් පෙන්නුම් කළේ ය.

එය ජනවාරි 26 වනදායින් පසු වාර්තා වන ඉහළම අගය වේ.

ඒ අතර රතු මුහුදේ උණුසුම් වාතාවරණය සමග බොරතෙල් ප්‍රවාහනයට බාධා මතු වීමත් සමග යුරෝපයේ ඉන්ධන මිල ගණන් ද තවදුරටත් ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

කෙසේ වෙතත්, ආසියාව සහ මැදපෙරදිග සිට යුරෝපයට තිබෙන කෙටිම මාර්ගය වන සූවස් ඇළ මඟ හරිමින් ඉන්ධන ප්‍රවාහන නෞකා දිගු මාර්ගයක ගමන් කරන අතර, ඒ හේතුවෙන් බෙදා හැරීම් ප්‍රමාද වීම මෙන්ම පිරිවැය ඉහළ යාම ඊට හේතු වී ඇති බව වාර්තා විය.