ඉන්ධන සම්බන්ධයෙන් රට පුරා පැතිර යන ආරංචිය මෙන්න..පාරිභෝගිකයින් අවධානයෙන්..

Fuel Price In Sri Lanka Parliament of Sri Lanka Sajith Premadasa Businessman Fuel Price In World
By Aruna Nov 16, 2023 01:55 PM GMT
Report

ශ්‍රී ලංකාවට ගෙන්වන ලද ඩීසල් තොගයක් ප්‍රමිතියෙන් තොර බව රසායනාගාර පරීක්ෂාවේදී සනාථ වී තිබෙනවා.

ඒ අනුව එම නෞකාවේ තිබූ ඉන්ධන ගොඩබෑම අත්හිටුවීමට කටයුතු කරන ලද බව සංස්ථාව ප්‍රකාශ කරයි.

අදාළ නෞකාවේ තිබූ ඩීසල් මෙට්ට්‍රික් ටොන් 19,000න් 11,000ක් ප්‍රමිතියෙන් තොර බවට හෙළි වී ඇති අතර, ඉතිරි ඩීසල් තොග ප්‍රමිතියෙන් යුතු බවට දෙවතාවක් සිදුකළ පරීක්ෂාවකින් තහවුරු වීම හේතුවෙන් ගොඩබෑමට අවසර දී තිබෙන බවයි වාර්තා වන්නේ.

පසුගිය 05 වැනිදා ලංකාවට පැමිණි ඉන්ධන නෞකාවක සම්බන්ධයෙන් මෙම ගැටලුව ඇතිවී තිබේ.

මේ අතර, පරීක්ෂණාගාර වාර්තා රැසකින්, තත්ත්වයෙන් බාල තෙල් බවට තහවුරු වූ ඉන්ධන තොගයක් ගැන තමන් පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී අනාවරණය කළ අවස්ථාවේ විෂයභාර අමාත්‍යවරයා විසින් ඒ සම්බන්ධයෙන් කුමන ප්‍රකාශයක් සිදු කළද, එම තෙල් මේ වන විටත් වෙළෙඳපොළට නිකුත් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, මේ සම්බන්ධයෙන් නිවැරදි කරුණු පැහැදිලි කිරීමක් අවශ්‍ය බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (16) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

විපක්ෂ නායකවරයා අවධාරණය කළේ, මෙම බාල ඉන්ධන තොගය වෙළඳ පොළට නිකුත් කර ඇත්තේ, හොඳ ඉන්ධන සමඟ මිශ්‍ර කිරීමෙන් බවට තොරතුරු ලැබී ඇති බවත්, ඒ ඔස්සේ මෙහි යම් දූෂණ ක්‍රියාවක් සිදුව ඇති බවක් පෙනී යන බවයි.

ලංකා විදුලි බල මණ්ඩලයෙන් සියලුම ජනතාවට සතුටුදායක ආරංචියක්..

ලංකා විදුලි බල මණ්ඩලයෙන් සියලුම ජනතාවට සතුටුදායක ආරංචියක්..